Call Us : 055-2265035 Email: mscweblk@gmail.com
එක පිට එක ප්‍රථම ස්ථාන දෙකක් එකවර නර්ථන අංශයෙන්



2025 / 06 / 29 වන දින එනම් අද දින බදුල්ල හාලි ඇල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ පැවති සමස්ත ලංකා පලාත් නර්ථන තරඟ සඳහා සහභාගී වූ අප පාසලේ නර්ථන කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ඔවුන් සතු කරගනිමින් සමස්ථ ලංකා තරග සඳහා මන්පෙත් විවර කරගන්නා ලදි.  


 6 - 9 ශ්‍රේණි - මිශ්‍ර සමූහ සබරගමු දෙතිතේ තාල රූප නර්තනය ප්‍රථම ස්ථානයත් 


10 - 13 ශ්‍රේණි මිශ්‍ර සමූහ උඩරට අසදෘශ වන්නම ප්‍රථම ස්ස්ථානයත් 


    ඔවුන් සතු කරගන්නට අද දින හැකි විය. සිසුන් 1000ට වැඩි පාසල් අතර පැවති මෙම තරගයන්ගෙන් ඉහල ප්‍රගතියක් අත්පත් කරගනිමින් ඔවුන් පැමිණි ගමන් මඟ ගැන වඩාත් සතුටින් යුතුව අපගේ සුභ පැතුම් එක් කර සිටින්නෙමු ඔබ සැමට. එමෙන්ම අප විද්‍යාලයේ නර්තන කණ්ඩායම් පුරුදු පුහුණු කෙරූ සහ මූලිකත්වය දැක්වූ නර්තන අංශයේ ආචාර්ය වරුන්ට ද විද්‍යාලයේ ප්‍රණාමය අප එක් කර සිටින්නෙමු... 


   ජයෙන් ජයම වන්නට අප එක් සිතින් යුතුව ඔබට සුභ පැතුම් එක්කර සිටිනවා...


  විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය සහ විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය