2025 . 04. 25 වන දින ශිෂ්‍ය නායක නායිකාවන් 45 දෙනෙකුගෙන් සමන්විත ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුභවතුන් 03 ක් ද සමඟ එදින උදෑසන මහියංගන ජාතික යොවුන් සේනාංකය බලා පිටත් වුහ.
එක් දින පුහුණු වැඩමුළුවක් සඳහා සහභාගිවෙමින් එදින දවස පුරා නායකත්වය පිළිබඳ මෙන්ම කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ වටිනා පුහුණුවක් ඔවුන්ට එහිදී ලබා ගැනීමට හැකිවිය.
එහිදී ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පුහුණුව ලබා දුන් එම මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකරුවන් අප පාසල සම්බන්ධව වටිනා ඇගයීමක් සිදු කරමින් " මහාමාත්‍ය පාසල යනු අපට නුපුරුදු පාසලක් නොව අප සමඟ නිරන්තරයෙන් පුහුණු වැඩමුළුව සඳහා එක්වන පාසලක්. ඒ වගේම අපිත් බලාපොරොත්තුවෙන් සිටිනවා අප සමඟ ඔබ පාසල පුහුණු වැඩමුළු සඳහා එක්වන තුරු " යන්නෙන් ද පවසා සිටිමින් අපගේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කෙරුණි.